රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් යානයක් කටුනායක බණ්ඩාරනායක
අන්තර්ජාතික ගුවන්තොටුපොළේ රදවා ගැනීමේ නියෝගය නීත්‍යානුකූල භාවයකින් තොරව සිදු
කරන ලද ක්‍රියාවලියක් වූ බැවින් මේ වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවයන්ට
පවා දැඩි බලපෑමක් සිදු වී ඇතැයි
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
අද දින ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීතුමන්
මෙම අදහස් ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා,
මේ සිදුවීම අහම්බයක් නොවෙයි. මගේ අදහස මේ සම්බන්ධයෙන් බරපතල
කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා. මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇමරිකාවේ බලපෑමක්
තියෙනවා කියන එකයි මගේ අදහස. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මම මේ සිදුවීම දකින්නේ.
මෙහි තවත් වැඩපිළිවෙලක් තමයි අඩු මුදලට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට
තිබෙන අවස්ථාව අපට අහිමි කිරීම. මෙයත් ඇමරිකානු
රජයේ බලපෑම මත සිදු කරන කාර්යයක්. ඉන්දියාව, සිංගප්පූරුව වැනි රටවල් රුසියාවෙන්
තෙල් ලබා ගන්නවා. ඒවා නවත්වන්න ඇමරිකාවට
බැහැ. නමුත් ශ්‍රී ලංකාවට එම බලය යොදවා අපට ලාභයට ඉන්ධන ලබා ගැනීමට තිබෙන අවස්ථාව
මේ අය නැති කර තිබෙනවා.
මේ නිසා අපේ රටේ ජනතාව පෝලිම් වල අපාදුක් විඳිනවා. මේ තත්වය තුළ රජයට විරුද්ධව ජනතාවගේ විශාල විරෝධයක් ඇති වන බව
පැහැදිලි යැයි වාසුදේව නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
0 Comments