මේ වන විට රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ඖෂධවලට අමතරව උග්‍ර ආහාර අර්බුදයක් ද මතුව ඇති බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ආරංචි මාර්ග අනාවරණය කරන්නේ මේ වන විට නේවාසික රෝගී දරුවන්ට දෛනික ව ලබා දෙන ආහාර වේල තුළ මස් මාළු බිත්තර හෝ පරිප්පු අන්තර්ගත නොවන අතර පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත වන දරුවන්ට දෛනිකව ලබාදිය යුතු බිත්තර 10 වත් ලබා දීමට නො හැකි තත්ත්වයක් මතුවී ඇති බවයි.
කෙසේ වෙතත් පිළිස්සුම් තුවාල ලබා මේ වන විට ප්‍රතිකාර ලබන රෝගී දරුවන්ට පරිත්‍යාගශීලීයෙකුගෙන් බිත්තර සීමිත ප්‍රමාණයක් ලැබී ඇති නමුත් එම ප්‍රමාණය අවසන් වූ පසු ව එම දරුවන්ට ද බිත්තර ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුවනු ඇත.
දෛනිකව රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් වන රෝගී දරුවන්ගේ සැලකිය යුතු පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කර තිබේ.
මේ අතර නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා රෝගී දරුවන් බහුතරයක් රෝහලෙන් ලබා දෙන ආහාර ලබා නොගත්ත ද මේ වන විට එම තත්ත්වය වෙනස් වී රෝහලෙන් ලබා දෙන ආහාර ලබා ගැනීමට පෙළඹී ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර තිබේ.
0 Comments