රෝහලක සිදුවූ වෙඩි තැබීමකින් සිව්දෙනෙකු මියයයි


අමරිකාවේ ඕක්ලහෝමා ප්‍රාන්තයේ රෝහලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 04 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද ඒ අතර වන බවයි.

මෙම වෙඩි තැබීම හේතුවෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇත.

වෙඩි තැබීම සිදුකල පුද්ගලයා ඒ සදහා ගිනි අවි දෙකක් භාවිතා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

පසුගිය සතියේද ද අමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමුන් 19 ඇතුලු 21 දෙනෙකු මිය ගොස් ඇත.

Post a Comment

0 Comments