යූරියා පොහොර තොගයක් ලබන මස ලංකාවට

 


ඉන්දීය රජය විසින් ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000 ලබන මස පළමු සති දෙක ඇතුළත ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ එම පොහොර තොගය ඉන්දියානු රජය විසින් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ඕමානයෙන් ආනයනය කර ඇති නමුත් මෙරට ගොවීන් මුහුණදෙන පොහොර හිඟය පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව එම යූරියා පොහොර තොගය මෙරටට ලබාදීමට තීරණය කර ඇති බවයි.

පොහොර තොගය ලැබුණු පසු ඒවා බෙදා හැරීමේ කටයුතු දින දෙක තුනක් තුළ සිදු කිරීමට නියමිතව ඇති අතර යූරියා පොහොර මිටියක් රුපියල් 10,000 ක මුදලකට යල කන්නයේ වී වගා කරන ගොවීන්ට ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

Post a Comment

0 Comments