රත්නපුර දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇමැති ධුරයක දිවුරුම් දෙනු ඇතැයි වාර්තා වෙයි.
ඇය දිවුරුම් දෙනු ඇත්තේ ළමා හා කාන්තා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යවරිය ලෙස බවද දැනගන්නට ඇත.
දැනටමත් ඊට අදාළ අමාත්‍යාංශය සහ ආයතන සහ විෂය පථ සඳහන් කරමින් ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.
මීට පෙර සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජනාධිපතිවරයා විසින් එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් අමාත්‍ය ධුරයට පත් කළ පසු ඇය ඒ සම්බන්ධයෙන් සිදුකරන ලද පුරෝහිත කතාවට වැඩි වශයෙන් සමාජ අවධානය යොමු විය.


0 Comments