බෙන්තර සංචාරක පුරවරයේ පැවැත්වෙන වෙරළ සාදයකදී අලෙවි කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා සුඛෝපභෝගී ජීප් රථයකින් රැගෙන යමින් තිබූ කුෂ් කොකේන් සහ හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසා ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වන පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයකු හා පෞද්ගලික තොරතුරු තාක්ෂණ ආයතනයක විධායක නිලධාරීන් දෙදෙනකු වන අතරමොවුන් ගල්කිස්ස, කිරුළපන හා පිළියන්දල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29,30 හා 31 වැනි වියෙහි පසුවන්නන් බව පොලීසිය ප්‍රකාශ කර ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 900ක් , හෑෂ් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 650ක්, විදේශීය දුම්වැටි 120ක්, කොකේන් ග්‍රෑම් 01 , මත් මුද්දර 05 , කුඩා විද්‍යුත් තරාදියක් සොයා ගෙන ඇති බවට වාර්තා වී තිබේ.
මොවුන් කොළඹ සිට බෙන්තර ප්‍රදේශයේ පැවැත්වෙන වෙරළ සාදයක් සඳහා යමින් සිට ඇති අතර එහිදී සාදයට පැමිණෙන්නන්ට අලෙවි කිරීම සඳහා මෙම මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිට ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත.
කොළඹ දෙස සිට සුඛෝපභෝගී ජීප් රථයකින් පැමිණි මෙම පුද්ගලයින් තිදෙනා කොට්ටාව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට යාමේදී එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයක් (61760) ලංකාජීව නිලධාරියාට එහි රියදුරගේ හැසිරීම පිළිබඳ සැක සිතී නවතා පරික්ෂා කිරීමේදී රියැදුරු හැදසිටි කලිසම් සාක්කුවේ සඟවා තිබූ විදේශ රටකින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි 60ද හමු වී තිබේ.
ඒ අනුව සැකකරුවන් තිදෙනා සමඟ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ජීප් රථය පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හෝමාගම පොලිසිය සිදු කරමින් පවතී.
0 Comments