විශ්වවිද්‍යාල සිසුන් විසින් අද (02) කොළඹ පැවැත්වීමට නියමිත පා ගමන වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ අසල සිට වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම දක්වා ගමන් කිරීමට නියමිත පා ගමන, මාර්ග කීපයකට ඇතුළු වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කුරුඳුවත්ත පොලීසිය ඉල්ලීමක් කර තිබුණු අතර, එම ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
0 Comments