CEB ඉංජිනේරු සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක


 අද (08) මධ්‍යම රාත්‍රීයේ සිට සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා.

විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර සඳහන් කළේ.

විදුලිබල පනතෙහි ඇතුළත් විදුලිය මිලදී ගැනීමේ දී අවම මිල සහතික කිරීම නව සංශෝධනය මඟින් ඉවත් කර ඕනෑම මිලකට විදුලිය මිලදී ගැනිමට අවස්ථාව සැලසෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එය රටේ ජනතාවට සිදුකරන අසාධාරණයක් බවත් එය වහාම නැවැත්විය යුතු බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර සඳහන් කරන්නේ.

Post a Comment

0 Comments