ඉන්ධන මිල ඉහළයාම සම්බන්ධයෙන් ඉකුත් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් සිදු කළ වෙඩිතැබීමේ සිද්ධිය ට අදාළව ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අභියාචනාධිකරණය එහි වගඋත්තරකරුවන්ට නියෝග කර තිබෙනවා.
අදාළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත්වරිය විසින් නිකුත් කළ නියෝගය අත්හිටුවන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණා.
ඒ අනුව අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කරසිටින පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලබන 27 වනදා මෙම පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය නොතීසි නිකුත් කර තිබෙනවා.
0 Comments