ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා අවසන් T20 තරගය හෙට

 


සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන සහ අවසන් තරගය හෙට (11) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීයි.

තරගය හෙට රාත්‍රී 7.00ට ආරම්භවීමට නියමිතයි.

පළමු සහ දෙවන යන තරග දෙකම ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් ජය ගැනීමත් සමග පන්දුවාර විස්ස තරගාවලියේ ජය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පිතිකරණය හමුවේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරග දෙකම ඉතා පහසුවිය.


Post a Comment

0 Comments