අපේ රට හරියට කැඩිච්ච කොම්පියුටරයක් වගේ - අගමැති රනිල් වික්‍රමසිංහ (Video)


ශ්‍රී ලංකාවට නව ආර්ථිකයක් නිර්මාණය කිරීම සිය අරමුණ බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව පැවසීය.

එමෙන්ම සියවන නිදහස් සමරුව පවත්වන 2048 වනවිට ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම අරමුණ බව ද අගමැතිවරයා කියා සිටියේය.

“දැන් අපේ රට හරියට ක්‍රියාවිරහිත කොම්පියුටරයක් වගේ. වැඩ කරන්නේ නෑ. ඉතින් අපි මුලින්ම කරන්න ඕනේ මොකක්ද ? අපි මේ කොම්පියුටරය යළි සාදා ගත යුතුයි. දැන් අපි කරන්නේ අන්න ඒ වැඩේ. කොම්පියුටරය රී සෙට් කිරීම. අතුරු අයවැය මඟින් අප කරන්නේ කොම්පියුටරය රී සෙට් කිරීමයි. ඊට පස්සේ අපිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දා ගන්න. කිසිම වෛරස් එකකට එන්න ඉඩක් නැති වෛරස් ගාඩ් දා ගන්න. ඒත් ඒ සේරම කරන්න කොම්පියුටරය ආපහු පණ ගැන්විය යුතුයි. රී සෙට් කළ යුතුයි.”


Post a Comment

0 Comments