ඉන්ධන ලීටර් මිලියන 1.5ක් නිකුත් වෙයි

 


ගෑස් මෙට්‍රික් ටොන් 3,740ක් රැගත් නෞකාවක් අද (11) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලෝක බැංකුව අතර අත්සන් කෙරුණු ගිවිසුමට අදාළව මෙම ගෑස් තොගය කොළඹ වරායට ළඟා වීමට නියමිත බව වාර්තා වේ.

නෞකාව ළඟා වීමෙන් පසු එහි තත්ත්වයන් පරීක්ෂා කර ගොඩබෑම් කටයුතු සිදුකිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පැවසුවේය.

එම ගිවිසුමට අදාළව ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් පළමු නෞකාව ඊයේ (10) දිවයිනට පැමිණි අතර එහි ගොඩබෑම් කටයුතු සිදුවන බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

ගෑස් මෙට්‍රික් ටොන් 3,200ක් රැගත් තෙවන නෞකාව ලබන 15 දින දිවයිනට ළඟාවීමට නියමිත අතර මෙම මස තුළ ගෑස් මෙට්‍රික් ටොන් 33,000ක් ඇණවුම් කර තිබේ.

මේ අතර ඊයේ දිනයේ සිය ත්‍රිකුණාමලය ඉන්ධන පර්යන්තයෙන් ඉන්ධන ලීටර් මිලියන 1.5ක් නිකුත් කර ඇති බව ලංකා අයි.ඕ.සි සමාගම පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉන්ධන ලබාදීමේ දී ගිලන් රථ සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙස බෙදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවය.

Post a Comment

0 Comments