20 වැනිදා අරගලකරුවෝ ආවොත් මැඩලන්න උපරිම බලය..

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන 20 වැනි බදාදා පාර්ලිමේන්තුව පරිශ්‍රය හා අවට ප්‍රදේශ අධි ආරක්ෂිත කලාපයක් ලෙස සලකා ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගම්වල සිට කල්වේලා ඇතිව කොළඹට ගෙන්වා ගැනීම සහ පොලිස් ආරක්ෂාව ලබා දීමටද සැලසුම් කර ඇත. බත්තරමුල්ල පොල්දුව මංසන්දියේ හා පාර්ලිමේන්තුවට පිවිසෙන අනෙකුත් මාර්ගවල ගමන් කිරීමට අවසර හිමිවන්නේ පදිංචිකරුවන්ට පමණි.

අරගලකරුවන් පැමිණ පාර්ලිමේන්තු රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ දැරුවොත් උපරිම බලය භාවිතා කර එය ව්‍යාර්ථ කිරීමටද සැලසුම් කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා නීතිය හා මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිවරයා ඒකාබද්ධව ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.

රට තුළ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම වැඩබලන ජනාධිපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු හා පොලිස්පතිවරයාගෙන් සමන්විත කමිටුවට භාරදී ඇත. ඉදිරි සතියේදී කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තු රැස්වීම් පවත්වාගෙන යාමට අවශ්‍ය ආරක්ෂක මෙහෙයුමක්ද ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම කමිටුවට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම ජනාධිපති ඡන්දයට සමාජ මාධ්‍යයෙන් බලපෑම් කරන අය ගැනත් විමර්ශන කරන ලෙස වැඩ බලන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

Post a Comment

0 Comments