අනුරාධපුර පදවිය ප්‍රදේශයේ දින දහයක් තිස්සේ විනෝද සැණකෙළියක් පැවැත්වීමට කටයුතු කරමින් සිටී.
ප‍්‍රදේශයේ ජනතාව ඊට විරෝධය පළ කරමින් පවසන්නේ ද රටේ බරපතළ අර්බුදයක් පවතින අවස්ථාවක සැණකෙළි පැවැත්වීම අපරාධයක් බවයි.
දැනටමත් ඒ සඳහා තොරණ් පහක් ඉදිකරමින් පවතින අතර සැණකෙළි සංවිධායකයන් එම ප්‍රදේශයට පැමිණීමට නියමිතව ඇත්තේ හෙලිකොප්ටර් වලින් බවද ප්‍රදේශවාසීහු කියති.
ඉන්ධන විදුලිය ගෑස් ආදී ප‍්‍රශ්න මත ජනතාව පීඩාවට පත්ව සිටියදී මෙසේ සැණකෙලි පැවැත්වීම අපරාධයක් බවත් ඔවුන් කියා සිටිති.
මෙය සංවිධානය කර ඇත්තේ පෞද්ගලික සමාගමක් විසින් වන අතර පදවිය පරාක්‍රමපුර මහජන ක්‍රීඩාංගණයේදී සැණකෙළිය දින දහයක් තිස්සේ පැවැත්වෙන්නේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම් ද ගෙන්වා සංගීත සංදර්ශන ද සමගිනි.
මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කරන්නේ බොහෝ දුරට මෙම සැණකෙළිය පැවැත්වීමට අවසර හිමි නොවනු ඇති බවය.


0 Comments