හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබා දීමට වැඩබලන ජනාධිපති රන්ල් වික්‍රමසිංහ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ සම්බන්ධයෙන් හෙතම අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වේ.
මේ වන විට රංජන් රාමනායක ට නිදහසට අදාල ලියකියවිලි අගවිනිසුරු සහ නීතිපති හමුවට යොමු කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස වැඩබලන ජනාධිපතිවරයා මෙම ක්‍රීයා මාර්ගය ගෙන ඇති බව පැවසේ.
මේ සම්බන්ධයෙන් අරුණ වෙබ් අඩවිය කළ සොයා බැලීමේදී බන්ධනාගාර ආරංචිමාර්ග පැවසූවේ එවැනි සාකච්ඡාවක් යන බව ඔවුනටද දැනගන්ට ලැබී ඇති බවයි.


0 Comments