කටුනායක ගුවන් තොටුපලේදි ඊයේ රාත්‍රියේ තුර්කි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.
එයාබස් 330 වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ.
ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මෙම ගුවන් යානයට පැටවීම සඳහා රැගෙන විත් තිබූ බහාලුමක් ගුවන් යානයේ අංක දෙක එන්ජිමේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම අනතුර සිදු වූ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන්.
අනතුරට පත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය තවදුරටත් කටුනායක ගුවන් තොටුපලේ රඳවා ඇති බවයි වාර්තා වෙන්නේ




0 Comments