ඉදිරි දින කිහිපයේ ඉන්ධන නෞකා කිහිපයක් දිවයිනට පැමිනීමට නියමිතයි

 


ඉන්ධන රැගත් නෞකා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් වූ ඩීසල් නෞකා දෙකක් හා ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකා කිහිපයක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතයි.

මේ අතර තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ප්‍රමුඛත්වය යටතේ ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය අද සිට යළි ක්‍රියාත්මක කෙරෙනවා.

Post a Comment

0 Comments