රනිල්ට සහාය දෙන්න ගත් තීරණය ගැන පොහොට්ටුවේ පරස්පර අදහස්





වැඩබලන ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්දයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීමට තීරණයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතාන පවසනවා.


ඒ අනුව ඔහු සඳහන් කළේ, එම නිවේදනයේ සඳහන් කරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්ගේ පෞද්ගලික අදහසක් බවත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස නොවන බවයි.


මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් ව ඇති බැවින්, සහාය දිය යුත්තේ පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා.


ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉදිරිපත් වන බව අද නිවේදනය කළා.

Post a Comment

0 Comments