‘ශ්‍රී ලංකාවට යන්න එපා’ රටවල් දෙකක් හදිසියේ ගත් තීරණය

 අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය එම රටවල පුරවැසියන්ට දැනුම් දී ඇත.

මෙලෙස දැනුම් දී ඇත්තේ එම රටවල සංචාරක උපදේශන යාවත්කාලීන කරමින්.

ශ්‍රී ලංකාව තුළ ඖෂධ,ගෑස්,ඉන්ධන සහ ආහාර ඇතුළුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති බව ද ඔවුන් පෙන්වා දී ඇත.

මීට අමතරව විදුලි කප්පාදුව, විරෝධතා පැවැත්වීම්, හදිසියේ මාර්ග වසා දැමීම් සහ උද්ඝෝෂණ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන බව ද ඔවුන් සිහිපත් කර තිබේ.

මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවට සංචාරය නොකරන ලෙසට වැඩිදුරටත් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය දැනුම් දී ඇත.

Post a Comment

0 Comments