එළැඹෙන විසිවෙන දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇතැයි වාර්තා වෙයි.
එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ තම පක්ෂයේ ස්ථාවරය වන්නේ මෙම නිලවරණයේදී කිසිවෙකුට සහාය නොදීමට තීරණය ගත් බවයි.
නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා දැනටමත් කණ්ඩායම් දෙකකට බෙදී තිබේ.
ඔවුන්ගෙන් වැඩි පිරිසක් දැනටමත් රජය සමග සිටින අතර ඔවුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය අනුව කටයුතු කරනු ඇත.
ඒ අනුව ඔවුන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීමට සාකච්ඡා කරමින් සිටී.


0 Comments