අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි..

 


අද (18) දින තුළ දිවයින පුරා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

දහවල් 1 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

M,N,O,X,Y,Z කලාප සඳහා උදෑසන 5.30 සිට පෙරවරු 8.30 දක්වා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන අතර CC කලාප සඳහා උදෑසන 6 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 මිනිත්තු 30ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.



Post a Comment

0 Comments