සජිත්-මෛත්‍රී හදිසියේ හමුවෙයි

 


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ හමුවක් මේ වනවිට ආරම්භ වී තිබේ.

කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වේ.

එම අවස්ථාවට සිවිල් ක්‍රියාකාරීන් සහ දේශපාලන නායකයින් කිහිපදෙනෙකු එක්ව සිටින බව අප වාර්තාකරු පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු විශේෂ දේශපාලන කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ආරංචි මාර්ගය සඳහන් කරයි.

Post a Comment

0 Comments