නැවතත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම් වෙත ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ඒවා අසල පෝලිම්වල රැඳී සිටින පිරිස ඉවත් වීමෙන් අනතුරුව බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
එනිසා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ඉන්ධන ලබා ගැනීම සඳහා ඉදිරියේ දී ජාතික ඉන්ධන බලපත්‍රය අනිවාර්ය බවද පැවසූ ඔහු වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව අදාළ දිනයේදී පමණක් ඉන්ධන ලබා ගත හැකි බව ද පැවසීය.
මෙම ක්‍රමය ආරම්භ කරන දිනය නුදුරේදීම දැනුම්දෙන බවද ඉන් අනතුරුව සෑම වාහනයකට ම සතියකට සෑහෙන ඉන්ධන කෝටාවක් ලබාදෙන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.


0 Comments