පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකට ගිනි තබයි

 


ලිබියාවේ ටොබෘෘක් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගිනි තබා තිබේ.

ඒ අඛණ්ඩ විදුලි කප්පාදුව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයෙන් තොරව ඉහළ යාමට එරෙහිව පැවැති විරෝධතාවක් අතරතුරදී බවට වාර්තා වෙයි.

ලිබියානු ජනතාව එරට ටොබෘෘක් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටලා ප්‍රහාර එල්ල කර තිබුණි.

පසුව ඔවුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටලා එහි කොටසකට ගිනි තබා ඇත.

මේ වනවිට එම විරෝධතා ලිබියාවේ ට්‍රිපොලි අගනුවර ද පැවැත්වෙන බවට වාර්තා වී තිබේ.

ඔවුන් බලකර සිටින්නේ වහාම මැතිවරණයක් පැවැත්විය යුතු බවටය.

ලිබියානු අන්තර්වාර රජයේ ප්‍රධානියා මෙම විරෝධතාවන්ට සහාය දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Post a Comment

0 Comments