ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමත් සමග එම වාසිය ජනතාවට ලබාදීමට හැකි බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා.
පසුගිය දිනවල ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බස් ගාස්තු සහ ත්‍රිරෝද රථ ගාස්තු ද මිල ගණන් ඉහළ නැංවීමට පියවර ගෙන තිබුණි.
බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත්මේ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්
“විශේෂයෙන්ම රජය විසින් ඩීසල් මිල රු 20කින් අඩු කළොත්, අනිවාර්යයෙන්ම බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව 4%කින් අඩුවී තිබෙනවා නම් ඩීසල් මිල අනිවාර්යයෙන්ම අපි කිහිප වතාවක් 4%කට වැඩි ප්‍රතිශතයකින් වැඩි වු සෑම විගසම බස් ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඒ වගේම බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුකූලව 17 වතාවක් ඉහළ දමා තියෙනවා. තුන් වතාවක් අපි ගාස්තු පහළ දමා තිබෙනවා. ඒ අනුව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වශයෙන් බොහෝම පැහැදිලිව කියනවා බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව 4%ක ප්‍රතිශතයකින් ඩීසල් මිල සංශෝධනය වුණොත් අනිවාර්යයෙන්ම බස් ගාස්තු සංශෝධනයකට අපි යන්න සුදානම්. පැහැදිලිව කියන්න ඕනේ ඒක 4%කින් අඩු හෝ වැඩි වෙන්න ඕනේ.”


0 Comments