ශ්‍රී ලංකාව මුහුණදී ඇති ඩොලර් අර්බුදය ජය ගැනීම සඳහා මෙරට තරුණ තරුණියන් එක්වී #SriLankaDollarChallenge නමින් නව සමාජ මාධ්‍ය රැල්ලක් ආරම්භ කර තිබෙනවා.
රටට නිල මාර්ග ඔස්සේ විදෙස් මුදල් එවීම දිරිමත් කිරීම සඳහා ආරම්භ කර ඇති මෙය හරහා, තමන් නිල මාර්ග ඔස්සේ විදෙස් මුදල් එවා, අන් අයටද එසේ විදෙස් මුදල් රටට එවන ලෙස ඇරයුම් කිරීම සිදුවෙනු දක්නට ලැබෙනවා. මේ වන විටත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එසේ එවන ලද විදෙස් මුදල් පිළිබඳ Screenshots සමාජ මාධ්‍යවල පළ කර තිබෙන බව වාර්තා වනවා.


0 Comments