පොලිස් ලොක්කෙක්ගෙන් ඉන්ධන ජාවාරමක්..



 නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ රාජකාරි කරන පොලිස් ලොක්කෙකු සිදු කරන ඉන්ධන ජාවාරමක් හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් දැඩි අසීරුතාවට පත්ව ඇත.

එම පොලිස් ලොක්කා අත්‍යවශ්‍ය සේවා සඳහා පෙට්‍රල් ඉන්ධන වෙන් කර තබන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන්ට උපදෙස් ලබා දී පසුව එසේ වෙන් කරන ඉන්ධනවලින් සුළු ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවාවලට නිකුත් කර ඉතිරි පෙට්‍රල් තොගය රාත්‍රි කාලයේ බැරල් සහ බූලිවලට පුරවා පොලිස් රථ මගින් පොලිස් ලොක්කාගේ නිල නිවසට රැගෙන යන බව පිරවුම්හල් සේවකයෝ පවසති.

මෙසේ එකතු කරන ඉන්ධන පොලිස් ලොක්කාගේ ඥාතීන්ට සහ හිතවතුන්ට අලෙවි කරන බවට ඔව්හු චෝදනා කරති. ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් තමන්ට පැමිණිලි ගණනාවක් ලැබී ඇති බවට චෝදනා නගමින් එම පොලිස් ලොක්කා ඇතැම් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ප්‍රකාශ ලබාගෙන බිය ගන්වා මෙම ජාවාරම ජයටම සිදුකරගෙන යන බව පිරවුම්හල් සේවකයෝ කියා සිටිති.

Post a Comment

0 Comments