විශේෂඥ වෛද්‍යවරු පෞද්ගලික රෝහල් ප්‍රතිකාරවලින් ඉවත් වෙති

 


එළඹෙන ජුලි (09) වැනි දින රජයේ රෝහල්වල සේවා පවත්වාගෙන යන අතරවාරයේ දී පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාරවලින් වැළකි සිටීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර ඇත.

කෙසේ නමුත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයින් හදිසි අනතුරු සහ වෙනත් ශල්‍යකර්ම, හදිසි අවස්ථා වැනි සැබෑ උවමනාවන් සදහා මෙන්ම පුද්ගලික අංශයේ දැනටමත් ඇතුලත් කර ඇති රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට සහභාගී වන බව දන්වා ඇත.

මෙම තීරණය සර්ව පාර්ෂික පාලනයකට මඟ පාදමින් වත්මන් පාලනයට ඉවත් වන ලෙස බලපෑම් කිරීම සඳහා දීප ව්‍යාප්ත සාමකාමී විරෝධතාවලට සහාය දැක්වීම සඳහා ගත් තීරණයක් බව ඔවුහු සදහන් කරති.

තවද මෙම ක්‍රියාව නිසා පුද්ගලික වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා සාමාන්‍ය ජනතාවට ඇතිවන අපහසුතාවය ගැනද ඔවුහු කණගාටුව පළ කරති.

ඉන්ධන සහ වෛද්‍ය සැපයුම් හිඟය විසින් නිර්මාණය කරන ලද සීමාවන් නොතකා සාමාන්‍ය පරිදි සේවාවන් පවත්වාගෙන යනු ලබන විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් සිටින රෝහල්වලට පැමිණ ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ජනතාවගෙන් ඔවුහු ඉල්ලීමක් කරති.




Post a Comment

0 Comments