ප්‍රධාන විපක්ෂය සහ විපක්ෂයේ අනෙකුත් පක්ෂ එක්කර ඉතිහාසයේ පළමු සම්මුතිවාදි ආණ්ඩුව ගොඩනැගීම සඳහා තමන් ජනාධිපතිධූරයට ඉදිරිපත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වාදෙන්නේ ඉතිහාසය වෙලාගත් වංචනික දේශපාලන සංකෘතිය අවසන් කිරීම සිය ප්‍රමුඛ අරමුණ බවය.
මේ අතර ජනාධිපතිධූරය සඳහා ඉදිරිපත්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගත් තීරණය සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් ඒකමතිකව සම්මත කර තිබේ.


0 Comments