ඇමරිකාවේන් ශ්‍රී ලංකාවට ඖෂධ තොගයක් ලැබෙයි..

 


ඇමරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට ඖෂධ හා වෛද්‍ය ආධාර තොගයක් ලැබී ඇත.

ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන රුපියල් කෝටි 32 කට අධික ඖෂධ හා වෛද්‍ය ආධාර තොගයේ පළමු කොටස මෙලෙස මෙරටට ලැබී ඇති අතර ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහගේ මැදිහත්වීමෙන් ‘හාට් ටු හාට්’ අන්තර්ජාතික සංවිධානය හා ඒකාබද්ධව මෙම පරිත්‍යාගය සිදු කර තිබේ.

මෙරට ජනතාවගේ ද අන්තර්ජාතික ආධාර සහ ඖෂධීය සැපයුම් අත්‍යවශ්‍ය මොහොතක heart to heart අන්තර්ජාතික සංවිධානය විසින් දක්වන ලද කැපවීම වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාව සහ තානාදිපති කාර්යාලය එම ආයතනය වෙත සිය කෘතඥතාවය පුද කර තිබේ

එමෙන්ම මෙම සංවිධානය තවදුරටත් ශ්‍රී ලංකාව සදහා මානුෂීය ආධාර ලබාදීමට බලාපොරොත්තු වන බව පවසා තිබේ.



Post a Comment

0 Comments