දුම්රියක් පීලි පනි..



 අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

මෙලෙස පීලි පැන ඇත්තේ වව්නියාවේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියයි.

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.

දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරීම සඳහා පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමට මේවනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Post a Comment

0 Comments