පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳපොළේ මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් තිබේ.
කෙලවල්ලෝ කිලෝග්‍රෑමයක මිල අද(18) රුපියල් 1800 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තලපත් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1700 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ලින්නා කිලෝ ග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 600 ක මිලකටයි.
සාලයා කිලෝග්‍රෑමයක් රුපියල් 600 ත් 700 ත් අතර මිලකට ද, හුරුල්ලෝ කිලෝග්‍රෑමයක් රැපියල් 1000 ත් 1100 ත් අතර මිලකටද , බලයා කිලෝග්‍රෑමයක් රුපියල් 1000 කට අලෙවි කෙරේ.
ඉස්සන් කිලෝග්‍රෑමයක් රුපියල් 1100 කටත් දැල්ලෝ රුපියල් 800 ත් 900 අතර මිලකට අලෙවි කෙරේ.


0 Comments