ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් යානාවක් ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
අදාළ ගුවන් යානය ජනාධිපතිවරයාට හිමි බලතල ප්‍රකාරව ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ආගමන විගමන හා රේගු නීති වලට යටත්ව ලබාදුන් බවයි ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. අදාළ යානාවේ ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු පමණක් ගමන් ගත් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



0 Comments