අධිකරණයෙන් පැන සිටි ස්ත‍්‍රී දුෂකයෙක් ගෝල්ෆේස් අරගල භූමියේ සැගව සිටියදී අල්ලයි..

 


ස්ත්‍රී දූෂණයක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී ඇති අධිකරණය මග හැරීම නිසා වරෙන්තු ලැබ සිටි අයෙකු ගාලු මුවදොර අරගල භූමියේ සැඟව සිටි දී අත්අඩංගුවට ගෙන තිබේ.

කොටුව පොලිසිය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ වයස අවුරුදු 25 ක තරුණයෙකි.

රත්නපුර මහාධිකරණයේ විභාග වෙමින් ඇති ස්ත්‍රී දූෂණ නඩුවක ප්‍රධාන සැකකරුවා මොහු බවත් අධිකරණය මඟහරිමින් මාස දෙකක පමණ කාලයක් ගාලු මුවදොර අරගල භූමියේ සැඟව සිටි ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Post a Comment

0 Comments