ඉන්ධන මිල අද රාත්‍රීයේ සිට පහළට..

 


සිපෙට්කෝ ඉන්ධන මිල අද (10) සිට පහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 450ක් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 540ක් වනු ඇත.

මීට අමතරව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කෙරෙනු ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 440ක් වේ.

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇත.

එහි නව මිල රුපියල් 510ක් වේ.

Post a Comment

0 Comments