තෙල් අර්බුදය නිමා වන ලකුණු


 ඛනිජ තෙල් ගවේෂණ සඳහා මන්නාරම් ද්‍රෝණියේ ඉඩම් කැබලි 873ක් බෙදා වෙන් කර ඇති බැවින් දැන් ආයෝජකයන් කැඳවීම හැකි ඉක්මනින් ආරම්භ කළ යුතු බව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සාලිය වික්‍රමසූරිය පවසයි.

ආයෝජකයන් මේ සඳහා පැමිණීමට අදි මදි කළ හේතු කිහිපයක් තිබූ බවත් මේ වනවිට ඒවා විසඳා අවසන් බවත් කී සභාපතිවරයා දැන් ආයෝජකයන්ට තම කැමැත්ත අනුව ඉඩම් කැබලි තෝරාගෙන ගවේෂණ ආරම්භ කළ හැකි බව ද සභාපතිවරයා කීය.

මේ වනවිටත් මන්නාරම් ද්‍රෝණියේ කැණීම් කළ ළිං දෙකක ස්වාභාවික ගෑස් හමු වී ඇති බවත් ඒවා රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් වන නමුත් වානිජ වශයෙන් නිෂ්පාදන සමාගමකට පැමිණ නිෂ්පාදන ඇරඹීමට ප්‍රමාණවත් නොවන බැවින් එම ළිං තිබියදී තවත් නිධි සොයා යාමට අවශ්‍ය බවත් ඔහු පවසා ඇත.

ගෑස් පමණක් නොව මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් ඇතැයි විශ්වාස කරන බැවින් ඛනිජ තෙල් සොයා ගවේෂණ ආරම්භ කළ යුතු බව ද ඔහු කියා සිටියේ ය.

“දැන් ඛනිජ තෙල් ගවේෂණ සඳහා ආයෝජකයන්ට පැමිණිය හැකියි. ඔවුන්ට තිබුණු බාධා ඉවත් කරලා. නීති රාමුවක් හදලා තිබෙනවා. ප්‍රතිපත්තියක් හදල තිබෙනවා. ඒ නිසා ආයෝජකයන්ට ආරාධනා කළ යුතුයි,” යනුවෙන්ද සභාපතිවරයා තවදුරටත් සඳහන් කළේ ය.

Post a Comment

0 Comments