ගෝඨාභය හා රනිල්ගේ අණ ක්‍රියාත්මක කරන්න පෙර දෙවරක් හිතන්න..

 


“රට අරාජිකත්වයට පත්කරමින් ලේ විලක් බවට ගෙනයාම වහා නවත්වනු” තේමාව යටතේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් රට තුළ සිදුවෙමින් පවතින බවත් බලය හමුවේ උන්මත්තකත්වයට පත්වුණ සුළු පිරිසක් විසින් මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට කටයුතු කරන බවත් හිටපු ජනපතිවරයා පවසයි.

වර්තමාන ජනාධිපතිවරයා සහ වැඩ බලන ජනාධිපතිවරයා ලබා දෙන අණ ක්‍රියාත්මක කිරීමේදී දෙවරක් සිතා කටයුතු කරන ලෙස ඔහු එම නිවේදනයේ සඳහන් කර තිබේ.

රට දිනෙන් දින අගාධයට ගෙන නොගොස් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම ධූරවලින් ඉල්ලා අස්වී පොදු මහ ජනතාවගේ ඉල්ලීමට හිස නමා කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව හිටපු ජනපති වැඩිදුරටත් සඳහන් පවසයි.



Post a Comment

0 Comments