කතානායකට ජනපති ධුරය භාර ගන්නැයි ඉල්ලීමක්

 


ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස පක්ෂනායකයින් ඉල්ලීමක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්ත්‍රී රවූෆ් හකීම් පවසනවා.

සිය නිල ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ඔහු කියා ඇත්තේ කතානායකවරයාට ජනාධිපති තනතුර බාරගෙන සර්වපාක්ෂික රජයක් පිහිටුවීමට පක්ෂ නායකයින් ඉල්ලීමක් කළ බවයි.

කතානායක නිල නිවසේ පැවති හදිසි පක්ෂ නායක රැස්වීමේදී මේ තීන්දුව ගත් බව හෙතෙම වැඩි දුරටත් සටහන් කර තිබේ.

Post a Comment

0 Comments