හැටන් ලංගම බස් නැවතුම්පොලේ කොළඹ බස් රථ ගාල් කරන ස්ථානයේ අයිතිකරුවෙකු නොමැති ගමන් මල්ලක් අද (18) පස්වරුවේ හමු වි ඇති බව හැටන් පොලීසිය පැවසිය.
ගමන් මල්ල හමුවිමත් සමග එම බස් නැවතුම්පොලේ ගාල් කර තිබු ලංගම බස් රථ සියල්ලම ඉවත් කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන තිබිණි.
හැටන් ලංගම බස් නැවතුම්පොලේ සැකකටයුතු ගමන් මල්ලක් ඇති බවට මගින් කිහිප දෙනෙකු දැක ඒ පිලිබදව හැටන් ලංගම බස් නැවතුම්පොලේ වේලාසටහන්කරු දැනුවත් කිරිමෙන් පසු එම බස් නැවතුම්පොලේ රැදි සිටි මගින්ව ඉවත් කිරිමට පොලිසිය පියවර කටයුතු කර ඇත.
හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ සහයෝගය ඇතිව එම සැකකටයුතු ගමන් මල්ල පරික්ෂා කිරිමෙන් පසු එම ගමන් මල්ල තුල රෙදි කිහිපයක් තිබු බවයි පොලිසිය කියා සිටියේ.
කිසියම් මගියෙකු අමතක විමකින් ගමන් මල්ල අතහැර ගොස් ඇති බවට පොලිසිය සැකකරයි.


0 Comments