බෙන් ස්ටොක්ස් එක්දින පිටියට සමු දීමට තීරණය කරයි

 


එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

  හෙට (19) දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරගයෙන් පසුව තමා එක්දින පිටියෙන් සමු ගන්නා බවයි ඔහු නිවේදනය කර තිබෙන්නේ. ඔහු මෙම වසරේ දී එරට ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස ද පත් කෙරුණා. 2011 වසරේ අයර්ලන්තයට එරෙහිව සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කිරීමෙන් පසු ස්ටෝක්ස් ශතක තුනක් ඇතුළුව ලකුණු 2919ක් ලබාගෙන ඇති අතර කඩුලු 74ක් දවාගෙන තිබෙනවා.

Post a Comment

0 Comments