රාජපක්‍ෂලා බේරාගන්න ඉන්දීය හමුදාව එවන්නැයි ඉල්ලයි..

 


රාජපක්ෂ පවුල බේරා ගැනීම සඳහා සහාය අවශ්‍ය නම් ඉන්දීය හමුදාව පිටත් කර යැවිය යුතු බව ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ප්‍රධානියෙකු වන හිටපු අමාත්‍ය සුබ‍්‍රමනියම් ස්වාමි යෝජනා කර තිබේ.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දී ඇත්තේ රාජපක්ෂවරුන් සඳහා ඉන්දීය හමුදා සහය අවශ්‍ය නම් ඉන්දියාව එය ලබාදිය යුතු බවයි.

ගෝඨාභය රාජපක්‍ෂ සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනා බලයට පත් වූයේ නිදහස් මැතිවරණයකින් පවත්වා බහුතර බලයකින් බැවින් එවන් නීත්‍යානුකූල ආණ්ඩුවක් මැර පිරිසක් විසින් පෙරළා දැමීමට ඉන්දියාවේ ඉඩ නොදිය යුතු බවයි.

කෙසේ නමුත් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ අදාල මතය ඉන්දීය රජයේ ස්ථාවරය නොවන බවත් එම යෝජනා ප්‍රතික්ෂේප කරන බවත් ය.

Post a Comment

0 Comments