හිරුණිකා ගේට්ටු කඩාගෙන ජනාධිපති මන්දිරයට පනී.. ජනාධිපති යන තුරු විරෝධතාවක් අරඹයි..

 


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ජනාධිපති මන්දිරය ආසන්නයටම ගොස් ඇත.

මුරකාවල් කිහිපයක් පසු කරමින් ගොස් ඇති ඇය ආරක්ෂක නිලධාරීන් විසින් නවතා තිබේ.

මේ වන විට ඇය ජනාධිපති මන්දිරයේ ප‍්‍රධාන ගේට්ටුව ඉදිරිපිට බිම ඉදගෙන විරෝධතාවක් ආරම්භ කර ඇත.

ජනාධිපතිවරයා ඉවත්ව යන තුරු මෙම සටන ක‍්‍රියාත්මක කරන බවද ඇය කියා සිටී.

***********************************************************************************

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු හත් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොටුව ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් විරෝධතාවක යෙදෙමින් සිටි දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ජනාදිපතිවරයාට ධුරයෙන් ඉවත් කරන ලෙස බල කරමින් මෙම පිරිස එම ස්ථානයේ වාඩිලාගෙන විරෝධතාවක් ආරම්භ කර තිබිණි.

මෙම තත්වයත් සමග ජනාධිපති මන්දිරය අවට ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට කටයුතු කර තිබේ.

Post a Comment

0 Comments