ගෝඨාභය රාජපක්ෂට එරෙහිව මාලදිවයිනේ උද්ගෝෂණයක්.



 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට පැමිණීමට විරෝධය පළ කරමින් මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

  ඔවුන් ශ්‍රී ලංකා ජාතික කොඩිය සහ රජයට එරෙහි සටන් පාඨ සහිත පුවරු අතැතිව සිටිනු දක්නට ලැබෙන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ මාලදිවයිනේ නිවාඩු නිකේතනයක සිටින ගෝඨාභය රාජපක්ෂ යළි ශ්‍රී ලංකාවට යවන ලෙසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම අද (13) ප්‍රකාශ කරන බව ප්‍රකාශ කර තිබියදීත් අද අලුයම සිය පවුලේ අය සමඟ මාලදිවයිනට පලා ගිය බව වාර්තා වුණා.

Post a Comment

0 Comments