ගුවන් යානයක් කඩා වැටෙයි..



 උතුරු ග්‍රීසියේ භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ගුවන් යානයක් කඩා වැටී තිබේ.

මෙම යානය උතුරු ග්‍රීසියේ කවාලා නගරය ආසන්නයේ දී අනතුරට ලක්ව ඇති බවයි බී.බී.සී. මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවේ.

කඩා වැටුණු යානය ගිනිගෙන දැවී යන ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

යුක්‍රේනයට අයත් ගුවන් යානා සමාගමක් විසින් Antonov-12 නමැති මෙම යානය මෙහෙයවනු ලබනවා.

මෙම ගුවන් යානය තුළ කී දෙනෙක් සිටියා ද, දිවි ගලවා ගත් හෝ මරණයට පත් වූ ගණන කෙසේ දැයි තවමත් අනාවරණය වී නොමැති බවයි එරට බලධාරින් පැවසුවේ.

ඊයේ (15) සර්බියාවේ සිට ජෝර්දානය දක්වා මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය පියාසර කරමින් තිබී යදි මෙලස අනතුරට ලක්ව තිබේ.

Post a Comment

0 Comments