ඉදිරි දින 10 කාලය ඇතුළත ඉන්ධන හා ගෑස් අර්බුදයට විසඳුමක් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
එම ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව ජනතාවට ඉදිරි ප්‍රකාශයක් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දස දෙනා සමඟ පැවති සාකච්ඡාවකදීය.
එහිදී රටේ වර්තමාන තත්ත්වය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇති අතර අදාළ ගැටළු විසදීම සම්බන්ධයෙන් ඉදිරියේදී රටට ප්‍රකාශයක් කරන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.


0 Comments