ඉන්දියාවෙන් බස් පන්සීයක් ණයට ගන්නවා..

 


ඉන්දියානු ණය මාර්ගයක් යටතේ බස්රථ පන්සියයක් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ.

ඒවා කොළඹ නාගරික සීමාවේ ක‍්‍රියාත්මක ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ ක්‍රමය සදහා යෙදවීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

දුර බැහැර සිට තම පුද්ගලික වාහනවලින් පැමිණෙන ජනතාවට එම වාහන කොළඹ ආසන්න ස්ථාන කිහිපයක නවතා මෙම බස් රථ හරහා සිය ගමනාන්ත වෙත ළගා විය හැකි බවද හෙතෙම පැවසීය.

කටුබැද්ද, කඩවත, මාකුඹුර යන ස්ථානවල මෙවන් නැවතුම්පොළවල් තුනක් ස්ථාපිත කර තිබේ.

එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් ප්‍රවාහනය කිරීම සඳහා තවත් බස් රථ සීයක් අශෝක ලේලන්ඩ් සමාගමෙන් කුලියට ගන්නා බවද හෙතෙම සඳහන් කරයි.

Post a Comment

0 Comments