මින් පසු තෙල් දෙන්නේ සතියට දින දෙකයි - බලශක්ති ඇමති


 ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද (16) දිනයේ සිදුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

මෙම බලපත්‍රයෙන් සහතික කරනු ලැබූ ඉන්ධන කෝටාවක් වෙන් කිරීමට නියමිත අතර අංක තහඩුවේ අවසාන ඉලක්කම් දෙක අනුව සතියට දින දෙකක් ඉන්ධන නිකුත් කිරීමට නියමිතව තිබේ.

ජාතික හැඳුනුම්පත, වාහන බලපත්‍ර අංකය, වාහනයේ චැසි අංකය සහ විස්තර සත්‍යාපනය කරනු ලැබූ QR කේතයක් සහිතව මෙම බලපත්‍රය නිකුත් කරන බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

http://fuelpass.gov.lk/ යන වෙබ් අඩවියට පිවි‍සීමෙන් අදාළ ලියාපදිංචි කටයුතු සිදුකළ හැකිය.



Post a Comment

0 Comments