මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේදී නිධානයක් ගොඩගැනීමට උත්සහ කරමින් සිටි සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
මුල්ලියාවලෙයි ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයක සැකකටයුතු වාහන දෙකක් නවතා ඇති බවට යුදහමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව ඒ බව මුල්ලියාවලෙයි පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව පොලීසිය එම ස්ථානයට ගොස් සිදුකරන ලද පරික්ෂාවකදී අදාල පිරිස් දකුණෙ සිට පැමිණ ඇති බවටත් පොළව යට ඇති කිසියම් වස්තුවක් සෙවීම සඳහා වූ අධීතාඛ්ෂණයෙන් යුත් ස්කෑනර් යන්ත්‍රයක් නිධානයක් ගැනීම සඳහා අවශ්‍ය වූ පූජාභාණ්ඩ කිහිපයක්ද තිබීම හේතුවෙන් අදාල පිරිස සමග වෑන් රථ දෙකක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගන්නා ලදි.
සැකකරුවන් ජාඇල ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්, අම්බලන්තොට 03 ක්, පදිවි ශ්‍රීපුර දෙදෙනෙකු , අවිස්සාවේල්ල මොරටුව සහ මහනුවර ප්‍රදේශයන්හි පදිංචි එක්අයෙකු වශයෙන් හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුලතිව් මහෙස්ත්‍රාත් ආර්.සර්වනරාජා මහතා විසින් එම පිරිස ජුලි මස 14 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කොට ඇති අතර මුල්ලියාවලෙයි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.


0 Comments