සමාජ මාධ්‍ය අවහිර කළැයි යන පුවතේ ඇත්ත මෙන්න

 


හෙට උදෑසන 6 සිට දුරකතන ජාලා කටහඬ පණිවිඩ වලට පමණක් සීමා කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් සැරිසරනවා.

මෙම පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව විදුලි සන්දේශන නියාමන කොමිෂන් සභාවේ සභාපති ජයන්ත ද සිල්වා කියයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ කිසිදු සමාජ මාධ්‍ය ජාලයක් අවහිර කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ඔහුගෙන් ජනාධිපතිවරයාද විමසීමක් සිදු කර ඇති අතර ඔහු ජනාධිපතිවරයාට ද සඳහන් කර ඇත්තේ එවැන්නක් සිදුකර නොමැති බවයි



Post a Comment

0 Comments