රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා සියලු පක්ෂ එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවියයුතු බව විපක්ෂයේ පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පැවැති සාකච්ඡාවකදි යෝජනා වී තිබේ.
එහිදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ නොවන බව තමාට දැනුම් දුන් බවය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයකට අනුව අද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු පක්ෂවල නායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වුණි.
එම සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අමතරව රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න,තිස්ස අත්තනායක, රවුෆ් හකීම්,
මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, ඩිලාන් පෙරේරා, ආචාර්ය චරිත හේරත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර
උදය ගම්මන්පිල, මොහොමඩ් මුසම්මිල්, ගෙවිඳු කුමාරතුංග, පූජ්‍ය අතුරලියේ රතන හිමි, අනුර ප්‍රියදර්ශන යාපා, එම්.ඒ. සුමන්තිරන්, සී.වී. විග්නේෂ්වරන් යන මන්ත්‍රීවරුන් සහභාගි වී ඇත.
මෙහිදී රට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා කරුණු පැහැදිලි කර තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් සියලු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත්තේ අර්බුදය පිළිබඳ සියලුදෙනාම දැනුවත්භාවයකින් සිටින අතර, ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ යුතු බවය.
මෙහිදී අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර විශ්වාසය සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගැනීමට නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවය.
සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ රට ගොඩනැගීමට නම් දෙමළ ඩයස්පෝරාව පවා පිළිගත හැකි ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන බවය.
තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ද මෙහිදී ඉල්ලීමක් කරමින් සඳහා කර ඇත්තේ රට ඉතාම අවදානම් තත්ත්වයක ඇති බවත් කොයි මොහොතක හෝ විනාශයක් වීමේ හැකියාවක් ඇති බවය.
එවැනි විනාශයකට පෙර සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් එය සැකසිය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර ඇත.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණ මෙම සාකච්ඡාවට සහභාගි නොවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් මෙහිදී විමසා සිටි අතර ඊට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ JVPයට ආරාධනා කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට දුරකථනයෙන් අමතා දැනුම් දුන් නමුත් ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ මෙම සාකච්ඡාවට සහභාගි නොවන බවය.


0 Comments